මිනිස් රස්තියාදුවේ ගමනාන්තය – බෞද්ධ දර්ශනයේ ඇරැඹුමයි

යතාර්ථය, ජීවිතය නැතහොත් මනුෂ්‍ය පැවැත්ම යැයි ද විග්‍රහයට ලක්කරන ප්‍රබන්ධය ඇතැම්විට මේ සියලු අර්ථකතන ඉක්මවා ගිය සියල්ලන්ගෙන්ම පරිබාහිර ඊටම ආවේණික එන්ද්‍රීය ස්වාධීන ලෝකයක් සකසා ගත් අවස්ථා ඇත. එහෙත් එවන් යතාර්ථය සමග අනුකරණවාදී සංකේතාත්මක සබඳතා පවත්වන කලාකෘතින් විරලය. තම ප්‍රබන්ධයන් තුළ එවන් ආවේශයන් මුදා හළ නිර්මානකරුවෙකි, සයිමන් නවගත්තේගම. කාලයක් නිර්ණය කළ නොහැකි ඉතිහාසයක් උපමා රූපකයන් තුළ ගොඩනැංවීමට ඔහු දක්ෂයෙකි..මේ, ප්‍රසන්න ජයකොඩි සිය සිනමා කෘතිය තුළ ඒ ආවේශය කොතෙක් දුරට සොයා ගත්තේද යන්න සංකේතික රූපකයන් කිහිපයක් ඔස්සේ සොයා යාමකි.

මිනිස් චෛතසිකය පුදුමාකාරය..ශරීරය සිත වසා පැතිරේ යැයි සිතුව ද සිත , ශරීරය නැමති සංසාර ගමනේ විටින් විට ගලවා මාරු කරනා වස්ත්‍රය වසා පවතී. මිනිසා යැයි යමෙක් නැත. එම සංකල්පය පරිණාමවාදය ද අභියෝගයට ලක් කරන මුත් ඇත්තේ සසර පුරා සරණ සිතක් පමණි. එය ද එකක් නොව සිත් වැලකි. චෘති සිත ද ප්‍රතිසන්ධි සිත ද එවන් චෛතසික දාමයේ තත්පර අංශු ගණනක වෙනස්වීමක් සහිත මොහොතවල් ද්විත්වයකි. එය සසර පුරා අවුරුදු ප්‍රකෝටි ගණනක සිට වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරයි.

සංසාරනය්‍යයෙ දඩයක්කාරයා සිනමා රූපකය ආරම්භ වන්නේම ගැමි සමාජය හා මානව අනිත්‍ය පිළිබඳ අර්ථ නිරූපණයකිනි. සංසාරය නැමති වනාන්තරයේ දඩයක්කාරයා නැතහොත් මරණයේ (මරුවා) සංකේතය කොටියා ය. ඉපදීමේ සිට මරණය තෙක් අප විවිධාකාරයෙන් සිත හා ශරීරය පිනවමින් ජීවත් වෙයි. යතාර්ථය දැන හෝ එය පැදවිය යුතු මඟ දැන දැන වුව එය අත්නොහැර ඉදිරියට යයි. එය කොටියාගේ හා ගැහැණියගේ ( ගෝමරී) රමණය මෙන්‍ ය. උපතේ සිට මරණය තෙක් ජීවිතය නැමති සයනයේ මිනිසා රමණයේ වෙලෙයි. තෘශ්නාව, රතිය, රාගය නැමති මාරයා විසින් ජීවිතය විවිධ වයස් සීමාවන් තුල දුකට හා වේදනවට ඇද දමයි. ගෝමරිය සසර නැමැති වනය තුල රමණයේ සුරාන්තයේ වේදනාවෙන් මියැදෙයි.

සිනමා පටය පුරාවට ගැහැණියගේ ප්‍රාණය නිරුද්ධ සිරුර තැනින් තැනට ගමන් කරයි.. ආරම්භයේ ගස මත ද මහ පොලොවේ ද විටෙක කුණුව ඕජස් ගලන තෙක් ද අවස්ථා කිහිපයක් ඔස්සේ නිරූපණය වන්නේ සංසාර චක්‍රය පුරා දිවෙන මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවයයි..

මූලයන් සිය දහසකින් වටවී වෙළී බැඳී ඇති රූස්ස ගස නැමති ජීවිතය මානූශීය බැඳීම් තුළ අප ගැලවිය නොහැකි ලෙස පැටලී සිරවී ඇති අයුරු නිරූපණය කරයි..ජීවිතය පුරා හමුවන බැදීම් තුළ වූ බන්ධනයෙන් අපට ගැලවීමක් නැත.ඒවායෙන් මිදී පැන ඒම අසීරුය. එය අන්ධකාරයම සොයා යයි.

හඳ පායනු ඇත. සෘතු වෙනස් වනු ඇත. ලෝකය ගමන් කරනු ඇත. එහෙත් ජීවිත වල බැදීම් හි බන්ධනයෙන් අප අන්ධකාරය ම තුළම ගුළි වී සිටිනු ඇත.. ඉන් මිදීමට නොහැකි වනු ඇත. රූස්ස ගසෙහි රූප රාමුවේ අවසානය දරුවාට නාභී ගත වූවානම් එය නිමා නොවන බන්ධනය පිලිබඳ තවදුරටත් සියුම් සංකේතික අරුතක් සපයනු ඇත.

ඒ අන්ධකාරයන් එළිය සොයා දෙන්නේ යැයි පවසන ආගම ම ද විටෙක අන්ධකාරයේ ය..එය බොහෝවිට මතුපිට ඇදහීම් වලට පමණක් සීමා වෙයි. පස්ලොස්වක පොහොයට සිල් ගන්නා මිනිසුන් දඩ මස් සොයා වන වැදෙයි. දානය සඳහා සතුන් දඩයම් කරයි. ගෝමරියගේ සිරුර දුටුවනම හාමුදුරුවන් ඒ හා රමණයේ වෙලි මිනිසාගෙ රුව තමා තුළ ද දකියි. කෘතිම , ව්‍යාජ සදාචාරාත්මක ව්‍යුහයන් තුළ මිනිස් ලාලසාවන් සිරගත කිරීමෙන් එළැඹි ව්‍යාධියෙන් සියල්ලෝ පෙළෙති. සම්බාධක හරහා ශිෂ්ඨත්වය අත්පත් කරගත්තා යැයි සිතෙන ගම ද ශිෂ්ඨත්වයට දුර වනාන්තරයද නිරන්තරයෙන් හාමුදුරුවන් හා දඩයක්කාරයා හරහා ද සැසඳමින් සිනමා වියමන පුරා අභියෝගයට ලක් වෙයි. දඩයක්කරු වනය නැමති සංසාරයේ සිය කෙලෙස් දඩයම් කරයි…රමණ කෙදිරිල්ලක, විලාපයක, තානය රැගත් සංගීතය, වනස්පතිය නම් සසරේ අප සියල්ලෝ අන්දුන්කුන්දුන්ව ඇති බවද ආලෝකය සොයා යා යුතු බව ද ඉඟි කරයි…

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත