පැරණි විප්ලවය ගැන කිව්වොත් මිනිස්සු විප්ලවයකට එන්නේ විවිධ හේතු නිසා. මොකද මිනිස්සු මේ සමාජ විප්ලවයට එන්නේ ? තම තමන්ගේම ඇතුළෙ තියෙනවා හීන, අපේක්ෂා භංග වූ දේවල්, ගැටලු.. මේ ආත්මාර්ථකාමී මිනිස්සු ආත්මාර්ථකාමීත්වය නිසාම පෙරළියකට එකතු වෙනවා.
ප්‍රශ්නය තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඒක සමාජ විප්ලවයක් බවට පත් වෙයිද ? ඇත්ත වශයෙන්ම ඒ පෙරළිය මානුෂික වඩාත් දියුණු වඩාත් ඉහළ මට්ටමේ, ඉහළ ගුණාත්මක මට්ටමේ පෙරළියක් වෙයිද ? කියන එකයි. අන්න එතන තමයි ගැටලුව තියෙන්නෙ.
පැරණි විප්ලව වලදී එහෙම බලාපොරොත්තු වුණා, විප්ලවයෙන් පස්සේ අලුත් මනුෂ්‍යයෙක් හැදෙයි කියලා. ඒත් පෙරළිය කරන්නයි අලුත් මනුෂ්‍යයෙක් ඕනෑ.
මේ පිළිබඳ සාකච්ඡාව මේ “පුනරුද භාෂණ” කතිකාවෙන් .