ලෝකය මෙතෙක් පැමිණි අවුරුදු පන්සියයක් පමණ වූ මේ ගමන අද වන විට කොවිඩ්-19 වසංගත තත්ත්වය කරා ළඟා වෙලා තියෙනවා. ඒ අවුරුදු පන්සීයේ ගමනට අපට කියන්න පුළුවන් නූතනත්වයේ ගමන කියලා. නූතනත්වය කියන්නේ මනුෂ්‍යයාගේ පරිණාමයේ අලුත් ඓතිහාසික පරිච්ඡේදයක්.
පෙර තිබුණු වැඩවසම් රාජාණ්ඩු යුගය, මධ්‍යකාලීන යුගයේ තිබුණු මහා අඳුර එක්තරා විදිහකට නිමා කරමින් තමයි නූතනත්වය උදාවෙන්නේ. නූතනත්වය ගමනේ අපි එක්තරා අර්ථයකින් අර්බුදයකට ලක් වෙන යුගයකට ආවා.
මේ අර්බුදය පශ්චාත් නූතන වියතුන් දුටුවේ ඉතිහාසය ඉවරයි කියලා. නැත්නම් මානවයාගේ ඓතිහාසික පරිණාමය ඉවරයි කියලා.
මේ තත්ත්වයන් යටතේ මනුෂ්‍යයාගේ ජීවිතයේ ඓතිහාසික වශයෙන්ම ඉහළට පෙරළියක් විය හැකිද නැද්ද? එවන් පෙරලියක් කෙරෙනවා නම් ඊට මූලික වන සමාජ බලවේග මොනවාද?
අද කතිකාව ඒ පිළිබඳයි.