මෙහෙම කෙනෙක් ඉන්නවා කියල දැනගත්තේ මුහුණු පොත් මිත්‍රයෙක් බෙදාගත්තු පොස්ට් එකක් දැකල!
එකෙ මුල් ලිපිය ලියල තිබුණේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. ඊට පස්සේ බැලුවා කවුද මේ කියල;
ලංකාවේ ගායකයො Rock සින්දු කියන්න උත්සාහ කරනවා අපි ඉසේල්ලම දැක්කේ අසූ ගණන්වල. ඒ ITN එකේ…මට මතක විදියට පලිහවඩන කියල කෙනෙක් තමයි ඒ වැඩසටහන මෙහෙයවෙව්වේ.. සමහරවිට ලංකාවේ ගායක ගායිකාවෝ ඊට කලින් Rock සිංදු කියන්න ඇති ….එත් ඒ කාලේ අපි හිටියේ නෑ !!
Sweet child o’ mine චාර්ට්ස් වලට ආපු නිසා අපිට Gunners ලා මුණගැහෙනවා. ඊට කලින් AC/DC. Survior, Bon Jovi වගේ අයගේ ගීත අහලා තිබුනත් real rock grit එක අපේ ඇඟට ඉස්සෙලම වදින්නේ sweet child o’ mine වලින්. Bonny Tylor ගේ ‘අමුතු කටහඬ’ රවි ජෝන් විස්තර කරනවා ඊට කලින් ඇහිල තිබුනත් Rock music ගැන එච්චර වැදුණේ නැහැ .
Janis Joplin අපිට හම්බවෙන්නේ ඊට ටික කාලෙකට පස්සේ. Jimmy Hendrix අපිට මුණගැහෙන්නේ ඊටත් පස්සේ. ඒ කාලේ ඔවුන්ගේ ගීත රේඩියෝවේ වත් රූපවාහිනියෙවත් දකිනවා අපිට මතක නැහැ. ඔවුන්ගේ කොන්ඩ , පච්ච, සහ යම් රළු බවක් සහිත ගායනා විලාශ අපේ තිබුණු මාධ්‍ය සදාචාරයටවත්, ප්රබුද්ධ ලේබලය සහිත ජනප්‍රිය සංගීතයේ සුගමත්වයටවත් ගැලපෙන්න නැතුව ඇති.
Jimmy Hendrixගේ Bob Dylon ගේ, Joplin ගේ දිග පළල තියෙන්නේ ගීත රචනාවලවත්, සංගීතයෙවත් විතරක් නෙවෙයි, ඔවුන් ඒ නාද මාලාව පදනම් කරගෙන ප්රකාශනය කරන විලාශයේ සහ එයින් නැගෙන ද්වනිතාර්ථ වලත් බව අපේ ඇඟට තේරුණා.
අනූ ගණන්වල මේ බටහිර ගායකයන්ගේ හැඟුම්බර ආවේගශීලී ප්රකාශනය, ඔවුන් ගැන කේමදාස මාස්ටර් රූපවාහිනී වැඩසටහනක විස්තර කරමින් ඉදිරිපත් කළ විලාශය දැනුත් මතක් වෙනවා. .
ලංකාවේ අති ප්‍රබල ප්රකාශනයක් සහිත Rock සංගීතවේදියෙක් ඉන්නවා කියල දැනගත්තේ මේ වීඩියෝ එක දැකලා
…මූ මරු
ගීතික පළඟපතිරණ
geethpalanga@gmail.com

