කුණු අදින්නෝ !

Alochana-poems

අනුන්ගේ කුණු අතර  
ජීවිතේ මග සොයන 
කඳුත් සරි කැළිකසළ 
මැදින් සුසුමන් හෙලන..


ගඳින් පිරි නෙක කිලිටි 
සමග මහමග ගෙවන
දහක් පණුවන් පිහිද 
පුතුට පැන්සල් සොයන..

නිහඬ ඔරලෝසු කටු
බිරිඳ මුව හස දකින
කැඩුණු සුන්බුන් අතර
දුවට වළලුද සොයන..

වැටෙන දහඩිය පොකුරු 
පිලුනු  බත බොඳ කරන 
සැලෙන වීදුරු පලුදු 
සමඟ දුක් ගී ගයන..

දැවෙන හිරු හා එක්ව 
දෙපස මග පොර බඳින 
සිහිනෙනුත් කුණු අතර
දුවට මිරිවැඩි පතන..

අවට පිරිසිදු කරන
කුණුම ලෙස ලොව දකින
මිනිසුනේ කුණු අදින
කෙනෙකු කොහි නුඹ පුදන…..

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත