පුංචි සපත්තුව…

Alochana-poems

මහමඟ අසල උඩුකුරුව

වැටී හුන් අසරණව…

ඒ…. පුංචි සපත්තුව

ලුහුබැඳ විත් මා  මතකය

වද දෙයි හිතට නිරතුරුව…

 

හැඳින්නෙමි එය

සිඟිතියකගේ වග

රෝස පැහැති වූයෙන්,

හඬා වැටෙනු ඇත ඇය

මතක් කර කර ඒ…

අහිමි සපත්තුව.

 

සුසුම් ලනු ඇත මවක්

ඉතිරිවැ’ති එක බලාගෙන

තනනු ඇත පිළිතුරු

හවසට ලැබෙන පැන පතට

සිය හිමිගෙන්….

 

කෙසේ වුව… තව බරක්

එකතු වනු ඇත

පියෙකුගේ හදවතට

අලුත් සපත්තු ජෝඩුවක

කුලී කම්කරුවෙකු නම්  හේ…

 

මා වැනිම.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත