වාර්තා වැඩසටහන් නිෂ්පාදනය (02) – පුද්ගල වාර්තා වැඩසටහන් (Personal Documentaries)

පළමු කොටස

විෂය නිශ්‍රිත වාර්තාකරණය වෙනුවට පුද්ගල නිශ්‍රීත වාර්තා කරණය බොහෝ චරිතාපදාන වාර්තා වැඩසටහන් නිෂ්පාදකයින් / අධ්‍යක්ෂකවරුන් තෝරා ගැනීමට ඉදිරිපත් ව සිටී. කථන භාවිතය අවම තරමකින් යොදා ගනිමින් වාර්තාකරුවකුගේ (reporter) සේවය අපේක්ෂා නො කිරීමට වග බලා ගනී. ඔවුන් පුද්ගල චරිත යොදා ගන්නා අතර සිද්ධි වලින් (Things) වලින් ද බැහැර වෙයි. ජීවත් වෙන්නේ කෙසේ ද (How) යන්නට වඩා කුමක් අරභයා ද (Why) යන්න සැලකිල්ලට ගැනීමට පෙළඹවීමක් තිබේ. ප්‍රකට චරිත වාර්තා වැඩසටහන් නිෂ්පාදකවරයකු වූ ඩෙනිස් මිචෙල් පවසන්නේ “කෙනෙකුට යම් වැදගත් දෙයක් ඉදිරිපත් කිරීමට හෝ ලෝකය පිළිබඳ දැක්මක් ඉදිරිපත් කිරීමට ටෙලිවිෂන් මාධ්‍යය වඩාත් සාර්ථකව යොදා ගත හැකි බවයි.

මිනිසත් බව වඩාත් හොඳින් සත්‍යවාදී ව  සෝප් ඔපෙරාවකට වඩා (Sope opera) සාර්ථකව වාර්තා චරිත වැඩසටහනකින් ඉටු කළ හැකි බව මිචෙල් විශ්වාසය ඵල කරයි. වැඩසටහන තුළ ජීවත් කරවන චරිත, කරන කියන දේ වඩාත් සමීප බවක් අපට ධ්වනිත කෙරේ. වාර්තා චරිත වැඩසටහන් නිෂ්පාදකයින් සජීවී මිනිස් චරිත ඇති සැටියෙන් වැඩසටහන් තුළ ජීවත් කරවීමට යම් උත්සාහයක් ගනී. සත්‍ය වසන් නො කොට කතා වස්තුවට තෝරා ගත් චරිත වලට කතා කිරීමට සහ හැසිරීමට අවස්ථාවක් දෙනු ලැබ ඇති බව එවන් වැඩසටහන් වලින් දැකිය හැකි වේ.

පුද්ගල චරිත වාර්තා වැඩසටහන් සම්බන්ධ අතීත තොරතුරු සොයා යන විට ඇ‌මෙරිකාවේ CBS ටෙලිවිෂනයේ CBS REPORTS වැඩසටහන මගින් ලෝකප්‍රකට පුද්ගලයින් ගණනාවක් පිළිබඳ ව කතිකාවට ගනු ලැබ තිබේ. මෙම පුද්ගල ලැයිස්තුව අතර අයුබ්ඛාන් , විලී බ්‍රාන්ට්, ඇලන් ඩුලාස්, ජනාධිපති අයිසන්හවර්, ජෝර්දානයේ හුසේන් රජතුමා, ඉන්දියාවේ ජවහල්ලාර් නේරු, ඉරානයේ ෂා රජතුමා, බර්ට්‍රැන්ඩ් රසල් කීප පලකි. වාර්තා (Documentary) වැඩසටහන් යථාර්ථයේ නිර්මාණාත්මක සංග්‍රහය (Creative treatment of reality) ලෙස හඳුන්වා දී ඇත ද , අපගේ ප්‍රශ්තුතයට බඳුන් වන පුද්ගලචරිත (Personal Documentary) නිෂ්පාදකවරයා / අධ්‍යාක්ෂක වරයාගේ ප්‍රත්‍යෙක්ෂ වැඩකි. වෙනත් අතකින් දැක්වුව හොත් යථාර්ථයේ පරිකල්පිත ආකාරයකින් ඉදිරිපත් කිරීමයි. (Imaginative Handling of reality) තමන්ගේ මතය , ආකල්පය පමණක්ම තුළ ලොව ඔහු ජීවත් වන ලෝකය විදහා දැක්වීමට උත්සාහයක් ගනු ලැබේ. ප්‍රබන්ධ කරණයේ තමන්ගේ කමක් නැවත සොයා යාමට ගන්නා උත්සාහය පුද්ගල චරිත වාර්තා වැඩසටහන් තුළින් දැකිය හැකිය. නිෂ්පාදකවරයා /අධ්‍යාක්ෂකවරයා ගේ දෘෂ්ඨි කෝණයකින් ඒ ඒ චරිත දෙස ගවේෂනය කිරීමට ගන්නා උත්සාහයක් ධ්වනිත වේ. අතීතයේ දී නිෂ්පාදිත එ වන් වැඩසටහන් කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් මේ බව සාක්ෂාත් කර ගත හැකිය.

නාට්‍ය පාඨශාලාවක කටයුතු කෙරෙන ආකාරය පිළිබඳ වැඩසටහනකි The Class. ඒ ජෝන් ෂෙල්සිංගර් ගේ නිර්මාණයකි.  වෙනුවෙන් තමා සතියක පමණ කාලයක් ලන්ඩනයේ Central School of speech and drama හි ගත කල බව නිෂ්පාදකවරයා සඳහන් කර ඇත. සෑහෙන වේලාවක් පංති කාමරයේ කරන කියන දේ බලා සිටි ඔහු තමා අත තිබූ සටහන් පොත් සියල්ල ඉවත දමා පංති කාමරයේ කෙරෙන සිද්ධි දාමය බලන්නට පෙළඹවී තිබේ. ඉන් අනතුරුව දවස් තුනක් තනි කැමරාවකින් (Arriflex) ,ඉතිරි දවස් දෙකේ තවත් කැමරාවක්ද රූ ගත කිරීමට භාවිත කරමින් පූර්ව පුහුණුවක් නොමැතිව පංති කාමරය තුළ සිදු වෙමින් පැවති සිද්ධි දාමය කැමරාවට හසු කරගෙන තිබේ. එය නිතැත් පටිගත කිරීමක් (Improvised Shooting) ලෙස හඳුන්වා දෙනු ලැබේ. කැමරාවේ සචලතාවේ (Mobility) අත්‍යවශ්‍යතාව තේරුම් ගත් අධ්‍යක්ෂකවරයා ඊට ඉඩ හැර තිබේ. වැඩසටහනේ අවශ්‍යම මුඛ්‍ය කේන්ද්‍රය වූයේ පංති කාමරයේ ක්‍රියාකාරී වූ නළු ලැන්ග් (Lang) ය. රූ ගත කර ගත් ප්‍රතිචාර (Reaction) ප්‍රයෝජනවත් වූ බව අධ්‍යක්ෂකවරයාගේ විශ්වාසයයි. එසේම දවස් 5 තුළ හැකි තාක් සමීප රූප (Close- up) කැමරාවට හසු කර ගැනීමට යොමු වීමක් තිබුණ බව ද පවසයි. වැඩසටහන ප්‍රදර්ශනය කිරීමේ දී බොහෝ දෙනා අදහස් කර ඇත්තේ පංති කාමරයේ සිද්ධි දාමය එක් දර්ශනයකින් (One Session) සිදු කරන්නට ඇති බවකි. අධ්‍යක්ෂකවරයා එය තමන් ට ලැබුණ හොඳම ඇගයීම බව සඳහන් කරයි.

 එංගලන්තයේ කල්ලන් සහ සුද්දන් අතර මිශ්‍ර විවාහ පිළිබද ප්‍රශ්න perter Morley විසින් අධ්‍යක්ෂණය කරන ලද Black Marries White වැඩසටහන කරද්දී මෙතෙක් ඔහු අනුගමනය කරන ලද මූලික පිටපත අමතක කළේය. හැඟීම් වඩාත් වැදගත් කොට සැලකිල්ලට ගත් අතර සිතුවිලි (Thinking)  දෙවන තැනට ලා සලකා තිබේ. මෙම චිත්‍රපටයේ පෙනී සිටීමට ඉදිරිපත් වූ අය චිත්‍රපටයේ විෂය නිශ්‍රීත තත්වය ගැන වඩාත් ප්‍රබලව සලකා ඇත. ඔවුන්ගේ මුවින් පිට වූයේ මිශ්‍ර විවාහ නිසා මතු වූ ගැටළුය. පෙර සූදානමකින් තොරව, අව්‍යාජව ඉදිරිපත් කළ අදහස් චිත්‍රපටයේ වඩාත් ප්‍රබලව මතු වී තිබේ.

 

දකුණු යෝක්ෂයර් හි ගමක ගල් අඟුරු පතල් වල සේවය කරණ කම්කරු පැලැන්තියක් පීටර් මෝලී ‌ගේ තවත් වැඩසටහනකට තේමා විය. එය හඳුන්වන්නේ Sumer and Autumn of 1963 යන්නය. ඔහු මාස 3ක පමණ කාලයක් මේ ගමේ එම පිරිස සමග ගත කරමින් ඔවුන් සමග සමෝදානය වී සිටියේය. ඔහු ඔවුන්ගේම කෙනෙකු වන තරමට කුලුපග විය. ඒ මෙවන් වැඩසටහනකට අත්‍යවශ්‍ය වූවකි. තමා එ ගම සියගණනක් ජනයා ආශ්‍රයට වැටුණු බව අධ්‍යක්ෂකවරයා පවසයි. එහෙත් ඔහු තෝරා ගෙන ඇත්තේ 20 දෙනකු පමණි. ගමේ මඟුල් අවස්ථාවක් වටා කතාව ගෙතීම ඔහුගේ අරමුණ විය. මනාලයා සහ මනාලියගේ ඥාතීන්ට අමතරව යහළු යෙහෙලියන් ද වූහ. ඒසේ වුවද විවාහ මංගල්‍යයේදී තොරා ගත් ප්‍රමාණයට වඩා අතිරේක පිරිසක් සම්බන්ධ කරගැනීමට සිදු වූ බවත් අතිරේක පිරිසගෙන් වඩාත් හොඳ දායකත්වයක් ලැබුණු බවත් ඔහුගේ පිළිගැනීමය. පිටපතකින් තොරව සිදු කරන ලද වාර්තා වැඩසටහනක් වුවද, ලඟා කර ගැනීමට බලාපොරොත්තු වූ අරමුණ මැනවින් ධාරණය කර ගෙන සිටි බව අධ්‍යක්ෂකවරයා අවධාරණය කරයි. සංස්කරණ මැදිරියේදී රූගත කළ සමහරක් දර්ශන මුළුමනින්ම නොසලකා හැර තිබේ. දුප්පත්කම, ධෛර්යය, මුදල්, මතිමතාන්තර, ක්‍රියාකාරී තර්ක බවට පත් වී ඇත. අවසාන‌යේ වැඩසටහන නිර්මාණය වන විට මුල් කාර්ය සංග්‍රහය (Treatment) සැලකිල්ලට නො ගත් බව අධ්‍යක්ෂකවරයා අවධාරණය කරයි. යෝක්ෂයර් හි පතල් කරුවන් හා ඔවුන්ගේ පවුල් පිළිබඳ තමන්ගේ දෘෂ්ඨිය වූ බව අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙයි.

නිරායාසයෙන් චරිත තුළින් පිට වන දෙබස් හෝ වදන් චරිතාංග වාර්තා වැඩසටහනක සුවිශේෂී ලක්ෂණයකි. ජෝන් ඔර්මන්ඩ් ගේ නිර්මාණයකට පාදක වූ Borrowed pasture වැඩසටහන උදාහරණයකට ගත හැකිය. එම වැඩසටහන පෝලන්ත ජාතික සරණාගතයන් දෙදෙනකු මහත් වැර වීර්යයෙන් සරුසාර කර ගත් බිම්කඩක් වටා පෝෂණය වන්නකි. “ජීවිතය කියන්නේ කුමක් ද,  ඔබ දන්නවනේ ! ඒක කරදරයක් නොවන කරදරයක්, ඔබ දන්නවනේ! ජීවිතය පලක් නෑ. ඒක හරිම පහසු දෙයක්. ඒත් ඒක ජීවිතය නෙවෙයි. ඔබ දන්නවනේ , ගොවිපල හැර මට ජීවිතයවක් නැ. මම යි ගොවිපොළ, ඒ වගේ ම ඔබ දන්නවා නේ! ගොවිපල කියන්නේ මමයි” 

ගොවියාගේ මුවට නිතැතින්ම එන එවන් ප්‍රකාශයන් හැඟීම්  බරයි. ඇත්ත එයයි. පිටපතකට ඇතුළත් කර එවැනි හැඟීමක් කෙසේ නම් සිදුවේ දැයි සිතිය නොහැකිය.

 

පළමු කොටස

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත