නාද සිත්තම්

කලක් ලාංකික සංගීත රසිකයින් අතර ජනප්‍රිය වූ ක්‍රිෂ්ණා නී බේගනේ බාරෝ ගීතය ඔබත් අසා ඇතිවාට සැකයක් නැහැ. කණ්නඩා භාෂාවෙන් මේ කවිය ලියුවේ 1447-1548 කාලයේ කර්ණාටක ವ್ಯಾಸತೀರ್ಥ ප්‍රාන්තයේ විසූ සුප්‍රකට වේදාන්ත ගුරුවරයෙකු වූ ව්‍යාසරාය තීර්ථ ස්වාමි. ඔහු ඉන්දියානු දර්ශනවාද ඉතිහාසයේ ප්‍රමුඛතම අපෝහකයකු ලෙස සැලකෙනවා. 

මෙම කවියේ ද්වනිතාර්ථය ක්‍රිෂ්ණාට ඉක්මණින් පැමිණෙන ලෙස කරන ආයාචනයක්. ක්‍රිෂ්ණාගේ මව වන යශෝධා තම පුත්‍රයාට ගයන මේ කවියේ සෑම පදයකම ක්‍රිෂ්ණා සහ ඔහුගේ ගති ලක්ෂණ හා අලංකාරය විස්තර කෙරෙනවා. සියවස් ගණනාවක් තිස්සේ පුස්තකාල පොත් අතරට පමණක් සීමාව පැවති මේ ගීතය ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වන්නේ, ඉන්දියානුවන් අතරේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ භාරත නාට්‍යම් නර්තන ශිල්පිනියක වන බාල සරස්වතී හරහා. එකදාස් නවසිය පනස් ගණන්වලදී මදුරාසි සංගීත ඇකඩමියේ වාර්ෂික ප්‍රසංගයකදී ඇය ඉදිරිපත් කළ රංගනය ගැන එකල පුවත් පිටු පිරෙන්නට විචාර ලියැවුණා. 

එතැන් සිට ශාස්ත්‍රීය ප්‍රසංග වේදිකා එකලු කළ මේ සරල ගීතය, අලුත් පරම්පරාවට හඳුන්වා දීමේ සහතිකය දිනා ගන්නේ හරිහරන් සහ ලෙස් ලුවිස් දෙපළ. 1998 දී ඔවුන් ගැයූ මේ ගීතය අඩංගු සංයුක්ත තැටිය ජනගත කිරීමේ උත්සවයට මට සහභාගී වන්නට ලැබුණේ එවකට මදුරාසි සංගීත ඇකඩමියේ සභාපති ලෙස කටයුතු කළේ මගේ අප්පා වීමේ වාසනාව නිසා. ඒ ගීතය ජනගතවීමත් සමගම මදුරාසියේ විචාරකයින් කොලෝනියල් කසීන් දෙපළට පලුයන්න දෙස් තිබ්බා. එවක ප්‍රකට සංගීත විචාරකයෙකු වූ සුබ්බුඩු ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට ලිපියක් ලියමින් පවසා සිටියේ මේ ක්‍රියාව වනාහී කර්ණාටක සංගීතය වෛශ්‍ය වෘතියේ යෙදවීමක් ලෙසට. 

මේ ගීතයට භාවිත රාගය “යමන් කල්යාණි”. උපකල්පන හැකියාව ඇති සංගීතඥයෙකුට, යමන් කල්යාණි රාගය කියන්නේ විශාල පරාසයක සිය සිතැඟි විසුරුවා හරිය හැකි රාගයක්. විඳින්න විජය ප්‍රකාශ් ක්‍රිෂ්ණා නී බේගනේ බාරෝ ගීතය ගයන අපූරුව.

වර්ගීකරණය
සංරක්‍ෂිත