ගැටී හෙමිහිට සැලෙන
මැරුණු දිවි කදුරු ගසේ
මුදුන් ඉපලකට වී
නියං කොබෙයියෙක්
සඳවතට නෙත් හෙළා
පවසද්දි උගේ දුක…
කළුවලා මැරයො පැන
පැහැරගෙන සඳවතිය
රත් පැහැති නෙත් විදා
කළා මහ ගර්ජනා…
සඳවතිය මොටද නුඹ
දුක් ගන්න රාල වුණේ
මේ මහා අවනඩුව
දැක සොවින් කම්පිතව
වසා මුව අඳුරේම
කොහේදෝ ඉගිලුණා
සිය පණට ආදරෙන්
ඒ නියං කොබෙයියා…