කව් සිත්තම

Alochana-kav-siththama

නොවැම්බරයක අවසන් නොකළ කවියක්

ඇද වැටුණ සමනලුන්
තුරුලු කරගෙන අඬන
කොත්මලා දියවැල
සීරුවට පනින
සමමිතික පාලම
කෑ ගසයි
බර අඩි වලින් රිදුණ….

කඩුපුල් මලක පෙති මත
කදුළු බිදුවක් තියන
අමාවක රාත්‍රිය
කෙතරම්ම අසරණ ද…..?

මවු දෙරණ අහස් තුඩු මත
දෙදරුම් කෑ දිනෙක
බුද්ධ පාත්‍රය ගිලිහිණ
බුද්ධාංකුර මඩලින….

වන මූකලානේ එපිට
හූමිටි තියන අමාවක රාත්‍රිය
සද මියැදුණු හෝරාවට
හබයාස්කෝපුස් සාක්කිකරුවෙක්‍ ය.

නොමළ ගෙයකින්
සොයන සුණුසැට
කිසාගෝතමියනි තවම
සම්බ නොවුණි ද……?

One Response

  1. අපූරුවට ගෙතී ඇති ඛේදාන්තයේ කවිය. පහසුවෙන් අමතක කල නොහැකි අතීතය සියුම්ව හදවතට දැන්වීමට කවිය සමත් වේ ස්තුතියි

Comments are closed.

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත