දුවේ, නුඹ හැඬුවා..
ඉකිගසා හැඬුවා..
පුංචි සාවියක් සේ..
වෙවුල වෙවුලා හැඬුවා..!
කිරි පබලු වැල බිඳුණු ද….
නෙලා ගත් පුළුන් මල….
සුළඟින් විසිර ගිය දා..
රෙදි බෝනික්කිය….
වැස්සට තෙමුණ දා..
නෙළුම් කැකුලක් වැනි….
සිඟිති පාවැස්මක
රිබන් මල ගිලිහුන දා..
නිහඬයි.උසාවිය….
සෙල් රුවක් සේය..නුඹ…
නෙතුපිය පවා… නොසැලෙන…
හැඬුම් නුහුරුද දැන්..?
කෑ ගසා හඬන්නෙමි
දැන් මගේ වාරයයි….!