තලන..
කඩන..
බිඳින ..
හාරන..
පුරෝන..
තරම් මේ මිනිස්සු
පොළොව ය කියා මමත්
කෙසේ උසුලම්ද මේසා බරක්..
අහෝ..!
නොකෙළෙමි සිතා මතා
කමා කළ මැන
දළදා සමිදුණි,මෙමට
මම හැලූයෙමි පාදම
ඒ ගෙයි
උහුලනු ම බැරි තැන
එපමණ මහ බර
ම’මත පැටැවුණ…
ඒ පුංචි කුරුළු කූඩුව..
වැසී වැළැලෙනු ඇතැයි
නොසිතා නොමදැන
කමනු..හිමියණි,
සොවින ළතැවෙම්
මා, පොළොව බූවැලිකඩ…
One Response
මෙය කවියක් ලෙස පිළි ගැනීම ම මට “කවියකි”..
ආශිර්වාදයකි..දිරියකි..ආදරණීය ප්‍රවීණ කිවිවර ,සාහිත්‍යදර හෙන්රි වර්ණකුලසූරිය ශූරිනි,ඔබට සහ ආලෝචනාවට බොහොම ස්තුතියි !
~ආනන්ද සිසිර කුමාර ~
Comments are closed.