ඔච්චමක් අමතක ව……..

Alochana-poems

හැමදාම වගේ
එදත්
නිල්ම නිල් පාට
රොබින් කුරුල්ලා
නිල්ම නිල් පාට
පියාපත් විඳාගෙන
ඔච්චමක් තුඩ’ග
රඳවගෙන
මම උන්න කවුළුව
ළඟටම ආවා

ඔන්න මම
එදාත්
බලාගෙන උන්නෙ
ඔයාගෙ
සුළං හාදුව
එනතුරු

ඔයා තවමත් එයාව
ආදරෙන් පොඟවනවද
මඟ බලන
ඇස් රිදෙන
රිද්මයක වෙලිලාද
හදවතේ ගැඹුරුම
තැනත්
වේදනාකාරී
සුසුමක්
එක්ක
දීගෙක ගිහිල්ල ද
ඒකට කියන්නේ
ඔයා
ප්‍රේමය කියල නේ…

ඔච්චමක් උනත්
හැමදාම ඕනි නෑ
කුරුල්ලෙක් උනත්
උගේ තරම් දනගන්න
ඕනි …

මේවා සේරම කොහොම
කියන්න ද
ඔච්චමක් දෙකක්
හළලා කවුළුව
ළඟින් ඉක්මනින්
යන්න ගියා
නොබලාම මම
දිහා


සුළං හාදුව
හාදුවෙන් පිළිගන්න
මම විඳින
අරුමෝසම් සේරම
ඔයාට කියන්න
හිතන
හැමවෙලාවෙම
සුළඟත්
ආයෙමත් හැරෙන්නෙ
දැන් ඉතින්
මත් වෙන්න ඇති
තරම්
ඔන්න මම
සමුගනිමි කියාගෙන

ඔයා ඇවිඳින්
ළඟ ඉන්න
හැමවෙලාවෙම
ආරුක්කු ,කැටයම්
රූපක ,අලංකාර
උපමා ,උපමේය
සංකීර්ණතා
විෂමතා
කොහේ හෝ
සැඟවිලා
එක්කෝ මට
ඒ මතක
අමතක වෙලා

දෑත් පටල පටලා
දෑස් මත
කිමිදෙමින්
දෑඟිලි මතින්
වුවන පිරිමදිමින්
කොපුල් අතුරන
හාදු
විඳිමින්
ජීවිතය වින්ඳා
මිසක්

ඒ අරුමෝසම්
මතක අමතක
උනා දැම්මා
නොවැ …………….

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත