රැහේ උන් වෙනස්කම් කරද්දී හිත තලා
අනේ මා මලක් මෙන් රැක ගත්තු නිරින්ඳා
උකුළෙ හිස හොවා සුදු රෝස මල කී කතා
කෙසේ අමතක කරමි..රකිමි රහසක් සදා …
සොඳුරු සුදු කුලඟනට.. දරු කැලට පුන්සඳ ව
දුර ඈත ගිය ඔබට අමතක වුණා මාව
ඇසෙන විට කුලහීන සනුහරෙන් අපවාද
අනේ නුඹ ළඟට දිව එන්න යැයි සිතුණි මට …
මගෙ මැණික සදා ඔබ මගේ හදවත තුළය
කී කතා බොල් සුළඟ අනන්තෙට ගෙන ගියද
ලොවට නිරිඳෙකු වුවත් මගෙ ප්‍රේම කුමරිඳුය
මියැදුනත් මතකයෙන් වෙන් වෙන්නෙ කෙලෙසින්ද…
වියපත්ය සිත නමුදු ඒවි පෙම් කල්පනා
පෙර දවස මා නමින් නුඹ තැනුව මාලිගා
නොමසුරුව දුන් පෙමට මේ ලොවම රුදු වුණා
මේට්ලන්ඩ් කුමර..! තව ආදරෙයි ලොවීනා…