වට කොට
කොටුවක් ඇන්ද
ඒ වටා වැට බැන්ද
කවි පිටුවට සිත් බැන්ද
කවියන්ම මිස අංකුර
අන් කවුරුන් ද !
කප්පාදු කතුර
දත් විලිස්සාගෙන
ඉතිං වැට නොපනිනු
කොටුවට සීමා වනු !
කවිය
පිටුවක මායිමට තල්ලු කළ
කර්තෘ වරුනි
කවි පිටු සංස්කාරක වරුනි
සීමා නොපනවනු !
හිත තුළ වැඩෙයි
ළදරු කවිය
බලා හිඳිමි
මවක ලෙස
කොහොම
කපා කොටන්න ද
අත් පා
කොටු කළත්
මල් ගස වැඩෙයි
අතු පිටතට එබෙයි
අතු වලත්
මල් පිපෙයි
අත පය හකුළගත්
කෙට්ටු කවියකි
‘කෙලෙස අත පය
දිග හරින්න ද
කොටුවෙහි මායිමේ
පසෙකින් වෙළෙඳ පොළය
පසෙකින් කුණුගොඩය
පසෙකින් මඩ වලය’
කවි පිටුවට අකැප
කවා පොවා
ඇති දැඩි කළ
උස මහත කවි
ගෙදර තියාගෙන
කුමක් කරන්න ද
නැතියෙන් බර පැන
හිතට බර
අත් පිටපත
අසරණයෙකි
නැතුව අතහිත
සැබෑය
කවියෙහි ආත්මය
සංක්ෂිප්ත බවය
කමා කළ මැන කිවිවරුනි
දූහුනන් හිතෙහි තෙරපෙන
ප්‍රස්තුත මහ විශාලය…