අක්බඹරු වන්
කෙහෙ රැළි ගස්සයි
ආයෙමත් දවස
පෙම් පුයර දවටයි
පා සිඹින දූවිල්ල
මැසිවිල්ල ගල්වයි
නිද්‍රාගත දෙ ඇස
සිහින දල්වයි
සොඳුර නුඹ ඇවිදින්
ගෙත්තම් කරයි
හදවතේ ඇඳුණු දුක්
සිත්තම් මකයි
පපු කුටීරෙට ඇවිදින්
කාලෙකින් රුහිරූ
මකුළු මාලා ලිහයි
ජීවිතේ ඇහිරූ
මට මගනොහැරුණු
නුඹට මග මගහැරුණු
හිරිපොදත් ආයෙමත්
පිපෙයි දොරකඩ ඇරුණු