ආයාචනා

Alochana-poems

ආයෙමත් අපි හමු වෙනව නම් දවසක

මතක ඇතුවම අව් කණ්ණාඩි රැගෙන ඔබ එන්න

සඟවන්න පහසුයි එවිට

බොරු නොකියනා ඇස් වල කතන්දරය…

 

එක මොහොතකට විතරක් රන් මුදුව සඟවන්න

නොදැක්කා වගේ ඉන්න බැරි වේවි මගෙ හිතට

වැරදිච්ච තැන් වලින් පාඩමක් ලැබුණාද නො අසන්න

ගිනි තියපු ගොලු හදවතට තට්ටුවක් නොදමන්න…

 

හුවමාරු කරගන්න මුකුත් ඉතිරිව නැති බැවින්

ඔරලෝසු මුහුණතට එපා ඔරවන්න

කවදාහරි දවසක කතාවක චරිතයක් වෙලා

ආයෙමත් මට ඉපදෙන්න ඉඩ දෙන්න…

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත