ඉතිහාසය ගැන මුල සිට හදාරමු

වර්තමානය සහ අනාගතය ගොඩනැගෙන්නේ ඉතිහාසය මත ය. එනිසා අපි ඉතිහාසය දැනගෙන සිටිය යුතුම ය. මන්ද අද අපි මේ විරාජමාන ව සිටින්නේ ඒ ඉතිහාසයේ සුවහසක් මිනිසුන් විසින් මේ අප අත්දකින, අතපත ගාන සහ එයින් ම ජීවත් වන නව මංපෙතක් සාදාගෙන සිටින අපට, නව මංපෙත් විවර කළෝ ඔවුන් නිසා ය.
මෙතෙක් අපි මේ ඉතිහාසයේ යම් යම් නිර්මාණ ගැන කථා කළෙමු.

නමුත් මින් ඉදිරියට මේ ඉතිහාසය ගැන හදාරන්නේනම්, මේ අප ගෙවූ කාලයේ අප වෙනුවෙන් සිය ජීවිතය කැප කළ වුන් ගැන යන්තමින් හෝ දැන සිටිය යුතු යැයි මම විශ්වාස කරමි. එනිසා මේ ඉදිරි කතා තව දුරටත් ගෙන යන්නට පෙර, ලැයිස්තු ගත කොට මෙසේ සඳහන් කරමි. ඉදිරි කලාපවලදී මේ සියල්ල ම ගැන සියලු විස්තර ද සමඟ ඔබට ගෙන එන්නට උත්සාහ කරමි.

මේ අප අත් දකින ඡායාරූපශිල්පය අද වන තෙක් වැඩි දියුණු කොට ඉදිරිපත් කරන්නට සිය දායකත්වය සැපයූ ප්‍රාමාණිකයන් ගැන සරල විස්තර සටහනක් මේ සමග දක්වා ඇත්තේ ය. එයින් පසුව ද මේ කලාව සහ ශිල්පය වැඩි දියුණු විය. නව නිර්මාණ දහස් ගණනක් ඊට එක් විය. එසේ මේ ශාස්ත්‍රය වැඩි දියුණු කරන්නට දායක වූ බහුතරයක් දෙනා ඡායාරූපශිල්පීන් ම නොව, ඉලෙක්ට්‍රොනික විද්‍යාඥයන්, භෞතික විද්‍යාඥයන් සහ මෘදුකාංග ඉංජිනේරුවන් වීම ද විශේෂයෙන් ම මතක තබා ගත යුතු ය. නූතන ඩිජිටල් තාක්ෂණයේ දී මේ වෙනුවෙන් සිය ශක්තිය වැය කරන්නේ ද මෘදුකාංග ඉංජිනේරුවන් සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාඥයන් ය. නමුත් අපි ඒවා සියල්ල ඡායාරූපශිල්පය ලෙසින් ගෙන වල්මත් වී ඇත්තෙමු..!

1802. තෝමස් වෙජ්වුඩ් සහ සර් හම්ෆ‍්‍රි ඩේවි, සම් සහ කඩදාසි මත සිල්වර් නයිටේ‍්‍රට් අනුසාරයෙන් ස්පර්ෂ ප‍්‍රතිබිම්බ Contact Prints සටහන් කළ හ.

1812. විලියම් වොට්සන් විසින් මාවක කාච Meniscus Lens සොයා ගත්තේ ය.

1826. ජෝශප් නීප්සේ විසින් ලොව මුල් ම ඡායාරූපය සටහන් කළේ ය.

1836. විලියම් ෆොක්ස් ටැල්බට් විසින් සිල්වර් ක්ලෝරයිඞ් භාවිතා කොට නූතන ඡායාරූප ශිල්පයට අඩිතාලම දැමුවේ ය.

1837. ලුවී ඩැගියුරේ විසින් තඹ තහඩුවක් මත ස්ථාවර ඡායාරූපයක් සටහන් කළේ ය. එය ඩැගියුරේ ක‍්‍රමය නම් වේ.

1839. සර් ජෝන් හර්ෂල් විසින් මේ රූප සටහන් කිරීමේ තාක්ෂණය ඡායාරූප ශිල්පය Photography ලෙසින් නම් කළේ ය.

1840. ජෝශප් මැක්ස් පිට්සිවල් විසින් ආලේඛ්‍ය ඡායාරූප සඳහා ම සුදුසු කාචයක් වැඩි දියුණු කළේ ය.

1840. ඇලෙක්සැන්ඩර් වෙල්කොට් විසින් ලොව පළමුවන ඡායාරූපාගාරය බිහි කළේ ය. ඒ නිව්යෝර්ක් නගරයේ දී ය.

1841. ෆොක්ස් ටැල්බට් විසින් කැලෝටයිප් ක‍්‍රමය සඳහා පේටන්ට් අයිතිය ලබා ගත්තේ ය.

1844. ටැල්බට් විසින් කැලෝටයිප් ක‍්‍රමයෙන් මුදිත ඡායාරූප සහිත පොතක් පළ කළේ ය.

1847. ක්ලෝඩ් නීප්සේ ද ශා. වික්ටර් විසින් ඇල්බියුමන් ආලේපිත වීදුරු තහඩු මත ඡායාරූප ප‍්‍රතිනිර්මාණය කරන ක‍්‍රමය සොයා ගත්තේ ය.

1851. ෆෙඩ්රික් ස්කොට් ආර්කර් විසින් තෙත තහඩු මත ඡායාරූප විකාශ කළේ ය.

1853. ජෝන් බෙන්ජමින් ඩාන්සර් විසින් ද්වි කාච සහිත බයිනොක්‍යුලර් (Binocular) කැමරාව නිර්මාණය කළේ ය.

1861. විලියම් එන්ග්ලන්ඩ් විසින් නාභිතල ද්වාරය සහ කාච විවරය නිර්මාණය කළේ ය.

1871. රිචඩ් ලීච් මැඩොක්ස් විසින් සිල්වර් බ්‍රෝමයිඩ සහිත ජෙලටින් ස්ථරයක් වියළි තහඩු මත භාවිතා කළේ ය.

1875. ලියොන් වර්නර්ක් විසින් ජෙලටින් ආලේපිත කඩදාසි රෝල් ෆිල්ම් නිර්මාණය කළේ ය.

1878. එඩ්වර්ඩ් ජේම්ස් මේබි‍්‍රජ් විසින් දුවන අශ්වයෙකු ගේ පියවර සියල්ල සහිත ඡායාරූප ගෙන එක් අවස්ථාවක අශ්වයකුගේ පා සතර ම පොළොවෙන් ඉහළට එසවෙන බව ඔප්පු කොට පෙන්වූයේ ය.

1887. එඩ්වර්ඩ් බෝෂ් විසින් අයිරිස් ඩයෆ‍්‍රමය (Iris Diaphragm) සහිත තල ෂටරය නිර්මාණය කළේ ය.

1887. හැනිබල් ගොඩ්වින් විසින් සෙලූලොයිඩ් පටලය නිෂ්පාදනය කළේ ය.

1888. කොඩැක් සමාගම විසින් රාමු 100ක පටලයක් දැමිය හැකි කැමරාවක් හඳුන්වා දුන්නේය.

1889. පෝල් රැඩොල්ෆ් විසින් අනපේරණ කාචය Anastigmatic Lens නිර්මාණය කළේය.

1891. කොඩැක් සමාගම විසින් දිවා ආලෝක තත්ත්ව යටතේ ද කැමරාවට දැමිය හැකි ආරක්ෂක ආවරණයක් සහිත පටලය හඳුන්වා දුන්නේ ය.

1900. කොඩැක් බ‍්‍රවුනි කැමරාව පවුම් 1 ක මිලට අලෙවිය සඳහා ඉදිරිපත් කෙරිනි.

1924. ඔස්කා බර්නැක් විසින් මිමී 35 පටල යොදන ලයිකා කැමරාව සැලසුම් කළේය.

1925. මැග්නීසියම් දහනය සහිත ෆ්ලෑෂ් බල්බය එළි දුටුවේය.

1928. රොලිෆ්ලෙක්ස් සමාගම විසින් ද්වි කාච ප‍්‍රතිඡායා කැමරාව නිෂ්පාදනය කළේය.

1935. විද්‍යුත් ක්ෂණිකාලෝකය වැඩි දියුණු විය.

1937. කොඩැක් එක්සැක්ටා නමින් ප‍්‍රථම, මිමී 35 පටල යොදන ඒක කාච ප‍්‍රතිඡායා SLR – Single Lens Reflex කැමරාව නිෂ්පාදනය විය.

1948. ක්ෂණික ඡායාරූප ගත හැකි පෝලරොයිඩ් Poloroid කැමරාව නිෂ්පාදනය විය. එය තත්පර 60 කින් කළු සුදු ඡායාරූපයක් නිර්මාණය කරන්නට සමත් විය.


ඊට පසු ද බොහෝ දේ නිර්මාණය විය.

නිෂ්පාදනය විය.
හෙට මීටත් වඩා දේ අප ඉදිරියේ තිබෙනු දකින්නට පුළුවන….!!

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත