IME ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ගෝපදේශ මත නිෂ්පාදනය කරන ලද කෝවිඩ් –19 පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මනුජ් වීරසිංහ විසින් “කොරෝනා වයිරසය පැතිරීම පාලනය කර ගනිමින් හෝටල් සහ ආපන ශාලා පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි පහදා දීම” සඳහා කරන ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝව ඉහතින් දැක්වේ.
Professor Manuj Weerasinghe, Professor in Community Medicine at the Faculty of Medicine of the University of Colombo, explains ‘how to operate hotels and restaurants minimizing the spread of the Corona Virus’. This video is produced by the Institute of Multimedia Education under the guidelines of the Sri Lanka Medical Association for the COVID – 19 public awareness programme.
හෝටල් හා නිවාඩු නිකේතනයන් යනු නිරන්තරයෙන් විවිධ පුද්ගලයන් ගැවසෙන කාර්යබහුල ස්ථාන බව ඔබ දන්නවා. මේ පුද්ගලයින් අතර කොරෝනා ආසාදිත පුද්ගලයින් සිටීමට ද ඉඩතඩක් පැවතිය හැකියි. ඔබට අනෙක් වීඩියෝ වලද පැහැදිලි කර ඇති පරිදි කොරෝනා රෝගය බෝ වීම සිදු වන්නේ අසාදිත පුද්ගලයාගේ ශ්වසන මාර්ගයෙන් පිටතට එන බිඳිති නිරෝගී පුද්ගලයකුගේ ශ්වසන මාර්ගයට ඇතුළු වීම නිසයි.
හෝටල් හා නිවාඩු නිකේතන වලට අදාළව සලකා බැලීමේදී කොරෝනා අසදිතයෙකුගේ ශ්වසන මාර්ගයෙන් පැමිණෙන මෙම බිඳිති අදාළ ආපන ශාලාවේ මේස මත, පිගන් කෝප්ප වල, හැදි ගෑරුප්පු වැනි උපකරණයන් මතද තැන්පත්ව පැවතිය හැකියි. එම උපකරණ ස්පර්ශයෙන් ආපන ශාලාවට පැමිණෙන නිරෝගී පුද්ගලයන්ටද වෛරසය ශරීරගත වීම මඟින් කොරෝනා ආසාදිතයන් බවට පත් වීමේ අවදානමක් තියෙනවා.
හෝටල් හා ආපන ශාලා හිමිකරුවන් වන ඔබට ඇති වගකීම
- ආපන ශාලාවේ මුළු ධාරිතාවෙන් සියයට හතළිහක පාරිභෝගික පිරිසක් පමණක් එක් වරකට ආපන ශාලාවට ඇතුළු කර ගැනීම. එනම් එකවර මුළු ධාරිතාවටම අදාළව පාරිභෝගිකයන් ඇතුළත් කර ගැනීම තුළින් නියමිත සමාජ දුරස්ථභාවය රැක ගැනීමට නොහැකි වෙනවා.
- ආපන ශාලාවේ මේස හා පුටු මුළු ධාරිතාවෙන් සියයට හතළිහකට පමණක් රැඳී සිටීමට ප්‍රමාණවත් වන පරිදි සකස් කරන්න.
- ආපන ශාලාවට ඇතුළු වීමට පෙර අත් සබන් යොදා සෝදා ගැනීමට පහසුකම් සලසන්න. නැතහොත් සියයට හැත්තෑවක් හෝ ඊට වැඩි ඇල්කොහොල් ප්‍රතිශතයක් සහිත දෑත් පිරිසිදුකාරකයක් තබන්න.
- පාරිභෝගිකයින් ආපන ශාලාව තුලට ඇතුළු කර ගැනීමට පෙර උණ පරීක්ෂා කර බැලිය යුතුයි. උණ තත්වයක් එයින් පෙන්නුම් කරන්නේ නම් ඇතුළු කර ගැනීමෙන් වැළකිය යුතුයි.
- ආපන ශාලාවේ දොර පාරිභෝගිකයින්ට ඇතුළු වීමේදී හා පිට වීමේදී විවෘත කිරීමට ඔබගේ සේවකයකු යොදවන්න.
- රෝගී සේවකයින් සේවයේ යොදවා ගැනීමෙන් වලකින්න.
- ආහාර පාන ලබා ගැනීමට මුව ආවරණ ඉවත් කරන නිසා ඔබ ආසාදිත ගනුදෙනුකරුවන් පැමිණ සිටියහොත් ඉදිරියේ සිටින අනෙක් පුද්ගලන්ට රෝගය වැළඳීමේ ඉඩකඩ වැඩි බවත් එමෙන්ම ඔවුන්ගෙන් පිට වන වෛරස් බිඳිති කෝප්ප පිඟන් වැනි උපකරණ මතුපිට තැවරී වෛරසය පැතිරීමේ අවස්ථා පවතින බවත් අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා.
- එක් පාරිභෝගිකයකු භාවිතා කළ හැදි ගෑරුප්පු තවත් පාරිභෝගිකයකුට ලබා දීමට පෙර සබන් යොදා ඉතා හොඳින් පිරිසිදු කළ යුතුයි.
- බුෆේ ආකාරයට පාරිභෝගිකයාටම ආහාර බෙදා ගැනීමට අවස්ථාව සලසා ඇත්නම් එය නවත්වා ආයතනයේ සේවකයින්ම ආහාර බෙදා දීමට යෙදවිය යුතුයි.
- තේ, කෝෆි හා පලතුරු බිම වැනි පාන වර්ග පිරිනැමීමට ද සේවකයින් යොදවා පාරිභෝගිකයින්ට එම උපකරණ ස්පර්ශ කිරීමට ඇති ඉඩකඩ වළක්වාලිය යුතු වේ.
IME ආයතනය, සහ ආලෝචනා කොවිඩ් 19 වසංගතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා SLMA මාර්ගෝපදේශ වලට අනුකූලව නිර්මාණය කරන ලද වීඩියෝ මාලාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මනුජ් වීරසිංහ විසින් “කොරෝනා වයිරසය පැතිරීම පාලනය කර ගනිමින් හෝටල් සහ ආපන ශාලා පවත්වාගෙන යා යුත්තේ කෙසේදැයි පහදා දීම” ඇතුළත් වීඩියෝව නරඹන ලද ඔබට පහත දක්වා ඇති සබැඳිය හරහා සුඛිත හෙල්ත්කෙයාර් අධ්යක්ෂ වෛද්‍ය දිනිල් අබේගුණවර්ධන වසංගත කාලවලදී නව හැසිරීම් සහ හුරුපුරුදු ඇතිකරගැනීමේ වැදගත්කම පහදා දීම සඳහා කරන ඉදිරිපත් කිරීම ඇතුළත් වීඩියෝව සඳහා ප්‍රවේශ විය හැක.
කොවිඩ් –19 පිළිබඳ නිවැරැදි දැනුම ලබා ගැනීම සඳහා මෙම නිල වීඩියෝ මාලාව නරඹන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. මෙය නැරඹීමෙන් නොනැවතී මෙම වීඩියෝවේ අඩංගු කරුණු කාරණා හොඳින් අවබෝධයට ගෙන ඒවා පිළිපැදීම සමාජමය හා ජාතික වගකීමක් බව අපි ඔබට මතක් කර දීමට කැමැත්තෙමු. එසේම මේ දැනුම අන් අය වෙත බෙදාහැරීමට ද දායක වන ලෙස ඉල්ලා සිටිමු.
පහත සදහන් සබැඳි හරහා පෙර වීඩියෝ නැරඹිය හැක.
- කොරෝනා යනු / What is Corona – Dr Shirani Chandrasiri
- කොරෝනා පරදවමු – අත් සේදීම – Hand Washing – Dr Shirani Chandrasiri
- කොරෝනා පැතිරීමේ දාමය බිඳීම / Breaking the chain of corona transmission – Professor Saroj Jayasinghe
- මුව ආවරණ නිවැරදිව පැළඳීම – Wearing Face Masks Correctly – Professor Shyam Fernando
- කැස්ස හා කිවිසුම් යැවීමේදී ආචාරශීලී වීම / Coughing & Sneezing etiquette – Professor Shyam Fernando
- ඉහළ අවදානමකින් යුතු කණ්ඩායම් | High Risk Groups – Professor Shyam Fernando
- කොරෝනා නිවසට නොගෙන ඒමට නම්/ Keeping Corona away from home – Professor Manuj Weerasinghe
- වසංගත සමයකදී ව්‍යාපාර පවත්වාගෙන යෑම / Operating businesses during pandemics – Professor Indika Karunathilake
අප සියලුදෙනා කොවිඩ් 19 වසංගතය පරාජය කිරීමට දැනුවත්ව පෙළ ගැසෙමු.