නව සාමාන්‍යයේ තව දුරටත් නව භාවයක් නැත.
ගෝලීය වසංගතයට මුහුණ දීම උදෙසා අනුගත වන්නට සිදුවූ චර්යා වෙනස්කම් අරුමයන් නොව නූතන තාක්ෂණ පරිණාමයේ අතිශය නූතන විධික්‍රමයන්ම වඩාත් වේගයෙන් වැළඳගැනීමට අපට සිදු වීම බව අප තේරුම් ගත යුතුය.
මේවාට ‘නව’ ලේබලය අලවා අත සෝදාගැනීමට අපට හැකියාවක් නැත.
අධ්‍යාපනය සහ එදිනෙදා වැඩ කටයුතු සඳහා අවැසි සියලු සන්නිවේදනයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නූතන මාධ්‍ය හරහා සිදු කිරීමටත්, එම විධික්‍රමයන් භාවිතයට අනුගත වීමටත් අපට සිදුවී ඇත. මෙය තව දුරටත් අපගේ කැමැත්ත හෝ අකමැත්ත මත කළ හැකි තෝරා ගැනීමකින් එපිටට ගොස් අප අනිවාර්යයෙන් මුහුණ දිය යුතු යථාර්ථයක් ලෙස අද අප ඉදිරියේ ඇත.
මෙවැනි පසුබිමක් තුළ තම දරුවන්ගේ අධ්‍යාපනය උදෙසාත්, විටෙකදී නිවසේම සිට රැකියා කටයුතු කිරීම උදෙසාත්, ජනතාව තම තමන්ට හැකි ලෙස මෙවලම් සඳහා වියදම් කරද්දී, තම ජනතාවගේ බොටුව තවත් තද නොකොට සහනයක් දීමට තරම් බලධරයින් කාරුණික විය යුතු යැයි අප සිතමු. සැබවින්ම එය අනාගතය වෙනුවෙන් කරන්නා වූ ආයෝජනයකි.
යටිතල පහසුකම් සහ මෙවලම් ස්ථාපනයෙන් පසු අන්තර්ජාලය සැපයීම (bandwidth) වෙනුවෙන් දැනට අයකරගන්නා තරම් මුදලක් සේවා සපයන්නන්ට වැය වන්නේ නැති බව ලෝකයේ අනෙකුත් රටවල අන්තර්ජාල පහසුකම් සපයන ආකාරය බැලූ විට අපට හොඳාකාරවම පෙනී යයි. තම රටවැසියන්ගේ දැනුම් හුවමාරුකරණය, එතුළින් ලබාගන්නා අධ්‍යාපනය පිළිබඳ තැකීමක් ඇති සියලු රටවල් සීමා නොමැතිව අන්තර්ජාලය (unlimited internet) ලබා ගැනීමේ පහසුකම් එම රටවල වැසියන්ට ලබා දී ඇත.
රටක ඇති වටිනාම සම්පත උගත් සබුද්ධික මානව සම්පත බව දන්නා රටවල් එම උගත් සහ සබුධික බව වෙත යන මංමාවත් හරහා වැට කඩුලු බඳින්නේ නැත.
බදු වෙනුවෙන් බොටු තද කිරීම නවතා, අධ්‍යාපනය සහ රටේ අනාගතය වෙනුවෙන් මේ පිළිබඳ අවධානය යොමු කරන මෙන් අපි රජයටත් විදුලි සන්දේශ නියාමන කොමිසමටත් යෝජනා කර සිටිමු.