මතක සටහන්

තීරු ලිපි
දිනිති නවරත්න

ඇහිබැමි රහිත බලාපොරොත්තු

එකම ප්‍රශ්නෙට කීප වතාවක් උත්තර දෙන්න වෙනකොට නුරුස්සන සුළු ස්වභාවයකට පත්වීම මටත්, හුඟ දෙනෙක්ටත් වෙනවා. නමුත් සමහර රස්සා සහ සේවා වල කරන්න තියෙන්නෙම ප්‍රශ්න වලට උත්තර දෙන එක. ඒ ජාතියෙ රස්සා තෝරගන්න ගුරුවරු, දොස්තරලා, හෙදියො, වෙළෙන්දො වගේ අය තරහ ගන්නෙ නැතුව එකම ප්‍රශ්නෙට සිය සැරයක් උත්තර දෙන්න පුරුදු වෙන්න වෙනවා.

වැඩිදුර කියවන්න »
Dry dock හි රැඳවූ නැවක්
තීරු ලිපි
හෙන්රි වර්ණකුලසූරිය

කොළඹ නැව් තටාකාංගනයේ නව අත්දැකීම්…

ලංකාව දූපතක් වුණත් ලංකාව වටා මුහුදු මුහුදේ නෞකාවකට වටයක් ගමන් කරන්න බැහැ. ඊට හේතුව තලෙයිමන්නාරම අසල මුහුදේ ගල්පර තිබීමයි. ඉතිහාස පුරාවෘත්ත සඳහන් කරන්නේ මෙතැන එකල 

වැඩිදුර කියවන්න »
ඉතිහාසය
වීඩියෝ නිෂ්පාදන කණ්ඩායම

සුහසර – ඒම්. ඩී. මහින්දපාල

මෙවර සුහසර සංවාදයට එක්වන්නේ මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම කැමරා අධ්‍යයක්ෂවරයෙකු, ලේඛකයෙකු සහ සිනමාකරණය පිළිබඳ ආචාර්යවරයෙකු වන M.D. මහින්දපාල.

තරුණයෙකුව සිටියදී කැමරාකරණයට හිත යොමුවීමට හේතු වූ කරුණු කාරණා මෙන්ම රජයේ චිත්‍රපට දෙපාර්තමේන්තුවෙන් ඇරඹී වෘත්තීය චාරිකාවේදී ඔහුට හමු වූ සුවිශේෂී චරිත සහ ඔහු දායකු වූ සුවිශේෂී නිර්මාණ ගැන රසබර මතකයන් රැසක් පාදක කොට ගනිමින් පිළිසඳරේ යෙදෙන අතරේ ශ්‍රී ලාංකික රූපවාහිනී කලාව සහ සිනමාවේ විකාශනය ගැන මහින්දපාලයන්ගේ ආචරජනයත් සුහසරින් ගෙන එනු ලබනවා.

වැඩිදුර කියවන්න »
Anchor-alochana-column
තීරු ලිපි
හෙන්රි වර්ණකුලසූරිය

එඩිතර නෞකාවෙන් උතුරේ ආවේක්ෂණ කලාපයට

A – ඇල්ෆා (Alfa), B – බ්‍රාවෝ (Bravo), C – චාලි (Charlie), D – ඩෙල්ටා (Delta) ආදී වශයෙන් සෑම ඉංග්‍රීසි අකුරක්ම නාමකරණයට ලක් කොට තිබුණා. ඒ අනුව මගේ නම වන හෙන්රි (HENRY) යන්න නාවික ගුවන් විදුලිය සංඥා මගින් කියවුණේ හොටේල්, එකෝ, නොවෙම්බර්, රෝමියෝ, යැන්කි යනුවෙනුයි.

වැඩිදුර කියවන්න »
තීරු ලිපි
සමරසිංහ ගුණසේකර

මහත්තයා බග්ගියා

බග්ගි සමග හරකුන්ට ලාඩම් ගහන, බග්ගි හදන, බග්ගි අලුත්වැඩියා කරන, හරකුන් හංවඩු ගහන තැනද අපමණ තිබුණේය. හරක් වෙද්දුද සිටියෝය. අපේ වත්තට අල්ලපු දානේ වත්තේ පදිංචි වී සිටි කලු අප්පු පොඩි පුතා චිත්‍රපටියේ ප්‍රධාන නලුවා කොළඹ කෝච්චියෙන් බසින විට “එන්න මහත්තයා බග්ගිය” කියා එක දවසෙන් චිත්‍රපටි නලුවෙක් වුණේය. අපි බ්‍රොඞ්වේ තියටරයට ගොස් විමලවීර මාස්ටර්ගේ පොඩි පුතා හතර පස් සැරයක් බැලුවෙමු. ඒ ප්‍රධාන නලුවා වූ ආනන්ද වීරකෝන්ට වඩා අපේ කලු අප්පු රඟපාන නිසයි.

වැඩිදුර කියවන්න »
ඡායාරූපකරණය
ඉන්ද්‍රනාථ තේනුවර

අතීත සටහන් අතර මග හැරුණු මිනිස්සු

කැම්පිනස් හි පදිංචි වූ විගසම, හර්කියුලිස් ෆ්ලෝරන්ස් නව නිපැයුම්කරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු ලෙස හොඳ වෘත්තියක් ආරම්භ කළේය. ලැන්ග්ස්ඩෝෆ් ගවේෂණයේදී ඔහු කුරුල්ලන්ගේ ගීත සහ වෙනත් සතුන්ගේ හඬ පටිගත කිරීම සඳහා සංගීත අංකනය භාවිතා කිරීමේ නව ක්‍රමයක් සකස් කර ඇති අතර එයට ඔහු “සූෆෝනියා (zoophonia) ” යන නම තැබීය. 1830 දී, ඔහු ලැන්ග්ස්ඩෝෆ් ගවේෂණයේදී සිදු කරන ලද නිදර්ශන 200 කට වඩා මුද්‍රණය කිරීමේ සරල ක්‍රමයක් සොයමින් සිටියදී, ලී සහ ලෝහ (සයිලෝග්‍රැෆි සහ ලිතෝග්‍රැෆි) මත මිල අධික හා කාලය වැය කරන කැටයම් භාවිතා කිරීම හැරුණු විට ඔහු නව ක්‍රියාවලියක් නිර්මාණය කළේය. ඔහු “පොලිග්‍රැෆියා” ලෙස නම් කළ එය මයිමොග්‍රැෆි වලට සමාන වන අතර, මෙය ඔහුගේ මුද්‍රණ කාර්යාලයේ වාණිජමය වශයෙන් භාවිතා කිරීමට පටන් ගත්තේය. ඔහුගේ තාක්‍ෂණය පරිණාමය වන විට, වර්ණ සංයෝජනය කිරීමටත්, ගණනය කළ නොහැකි තරම් වූ බැංකු නෝට්ටු නිෂ්පාදනය කිරීමටත් ඔහුට හැකි විය.

වැඩිදුර කියවන්න »
Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත