ටික් ටොක් වීරයන්ට වඩා විද්‍යා විරුවන්ගේ අවශ්‍යතාව තදින් දැනෙමින් පවතී
සත්ත්ව විශේෂයක් වශයෙන් මිනිස් අප සුවිශේෂී වීමට කාරණා වන එක් හේතුවක් වන්නේ ගවේෂණයට ඇති අපගේ ළැදියාවයි. පෘථිවි ගෝලයේ විශාල පරිමාණයක් ගවේෂණයට ලක් නොවී තිබූ අතීතයේ
සත්ත්ව විශේෂයක් වශයෙන් මිනිස් අප සුවිශේෂී වීමට කාරණා වන එක් හේතුවක් වන්නේ ගවේෂණයට ඇති අපගේ ළැදියාවයි. පෘථිවි ගෝලයේ විශාල පරිමාණයක් ගවේෂණයට ලක් නොවී තිබූ අතීතයේ
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් අතරින් වඩාත් සුලබ මෙන්ම වඩාත් ආකර්ෂණීය බලශක්ති ප්‍රභවය වන්නේ සූර්ය බලයයි. වර්තමානයේ සූර්ය පැනල වල මිල ඉතා සීඝ්‍රයෙන් පහළ යාම නිසා බලශක්ති ප්‍රභවයක් වශයෙන් ඒවා යොදා ගැනීම ජනප්‍රිය වෙමින් පවතිනවා. වාණිජ වශයෙන් බලශක්තිය නිපදවන සූර්ය පැනල මෙන්ම නිවාස ආශ්‍රිතව සූර්ය පැනල යොදා ගෙන විදුලිය නිපදවීම ද ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිරෙනවා.
කොවිඩ් වසංගතය මගින් ඇති කළ නව සාමාන්‍යය තත්ත්වය විසින් බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද එදිනෙදා කටයුතු කර ගැනීම සඳහා තාක්ෂණය භාවිතා කිරීමට අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් කොට තිබෙනවා. එහෙයින් බොහෝ වැඩිහිටියන් අකමැත්තෙන් වුවත් තාක්ෂණය භාවිතා කරමින් අන්තර්ජාලය භාවිතයට මෙන්ම සමාජ ජාලා භාවිතයට පිවිසීමට සිදුවී තිබීම එක්තරා අයුරකින් ධනාත්මක ප්‍රවණතාවක්.
කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence / AI) හා ඒ ආශ්‍රිත යෙදවීම් වල ඇතිවන දියුණුවත් සමඟ අනාගතයේ දී පහළ මට්ටම් වල සුදු කර පටි රැකියා සඳහා ඇති ඉල්ලුම අඩු වනු ඇති අතර. බොහොමයක් කාර්යාල කටයුතු ස්වයංයාමන (Autonomous) පද්ධති මගින් පාලනය වනු ඇති
කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence / AI) හා ඒ ආශ්‍රිත යෙදවීම් වල ඇතිවන දියුණුවත් සමඟ අනාගතයේ දී බොහොමයක් කාර්යාල කටයුතු ස්වයංයාමන (Autonomous) පද්ධති මගින් පාලනයවීමට නියමිතයි. අනාගතයේ සාම්ප්‍රදායික රැකියා සඳහා අවස්ථා අඩු වුවද නිර්මාණාත්මක කටයුතු වල යෙදෙන නිර්මාණකරුවන් හට ඇති ඉල්ලුම එලෙසම පවතිනු ඇති….
බ්‍රසීලයේ අවවරප්‍රසාදිත පවුලක ඉපදුණු සන්තියාගෝලා තාක්ෂණයට පිවිසීමට ඇති ආර්ථික, සමාජයීය වැට කඩුලු බිඳගෙන ඊලාන්ලා හදන සුහුරු ලෝකය දිග්විජය කරන්න ළහි ලහියේ සුදානම් වෙනවා. ඒ අතර අපි දරුවන් නූතනත්වයෙන් ඈත් කොට ආපසු පැරණි යුගයට ගෙන යන්න උත්සාහ කරණවා.
සන්තියාගෝලා මීළඟ ඊලාන්ලා වී ලෝකය වෙනස් කරන්න යද්දී, තාක්ෂණයෙන් දැනුමෙන් විතැන් වූ අපේ සිහින අපව මෙම කොදෙවුවෙන් එපිටට වත් ගෙන යාමට අසමත්.
නව ලොව තාක්ෂණ දැනුම මොහොතින් මොහොත යාවත්කාලීන වෙනවා. විටෙක එය අපේ අතට අසුකරගන්න නොහැකි තරම් වේගයකින් වෙනස් වෙනවා. මේ දැනුම අසීමිතයි.
මේ අසීමිත දැනුම් සම්භාරයෙන් බිඳක් “ආලෝචනා” පාඨකයින් වෙත ගෙන එන ලිපි මාලාවක ආරම්භයයි මේ.
මේ පළමු ලිපියට පාදක වන්නේ ජංගම දුරකථනයේ ව්‍යප්තියත් සමඟ අන්තරජාල භාවිතයේ වූ විප්ලවීය වර්ධනය සහ ඒ්ය ලෝකය පුරා සමාජ ආර්ථික ක්‍රියාවලිය වෙනස් කිරීමට දායක වූ ආකාරයයි. ලෝකය පුරාම අනාගත පරපුර තාක්ෂණය හා කරට කර ගමන් කර හැකි සුහුරු පරපුරක් බවට පත් කිරීමට වැයම් කරද්දී අපි අපගේ හෙට පරපුර තාක්ශණයෙන් බැහැර කිරීමට උත්සාහ කිරීම කේදනීය තත්වයක්.