චම්මින්ද වෙලගෙදර

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Alochana-Feature-Parackama-Niriella-Chamminda-Welagedara
තීරු ලිපි
චම්මින්ද වෙලගෙදර

සංස්කෘතියේ සංසාර බද්ධය – පරාක්‍රම නිරිඇල්ල

බලන්න චිත්‍රපට කර්මාන්තය දිහා. මොනවද චිත්‍රපට සංස්ථාව කරන්නේ. චිත්‍රපටකරුවා රැක ගන්නවා තියා ඔවුන් ඉතා අමාරුවෙන් නිෂ්පාදනය කරගන්නා චිත්‍රපටයකට ඒක පෙන්න ගන්න හරි හමන් තැනක් හරි සූදානම් කරල දෙනවද? බෙදා හැරීම ගැන බැලුවත් ප්‍රදර්ශනය ගැන බැලුවත් ඔක්කොම ජරාජීර්ණයි. යල් පැන ගිහින්. ජාත්‍යන්තර සම්මාන ලබන්න, බටහිර නිර්මාණ සමග තරග කරන්න පුළුවන් නව තරුණ පරපුරක් අපිට ඉන්නවා. එහෙත් ඔවුන්ට මේ රටේ දී ලැබෙන උපකාරය, මගපෙන්වීම හා දිරිය කුමක්ද?

අපි ප්‍රංශයට ඕස්ට්‍රේලියාවට යන්න ඕනෙ නෑ. අපේ අල්ලපු රට ඉන්දියාවට යමු. බලන්න ප්‍රාන්ත වල දී පවා ඒ රටේ කලාකරුවා රැකගන්න ඔවුන් දෙන සහයෝගය. දැන් සෑම රටකම කලාව සහ සංස්කෘතිය මානව ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක්. මේ නිසා තමයි ඉන්දියාව ඔවුන් හඳුනාගෙන ඔවුන්ට උපකාර වන්නේ. ජාතික අධ්‍යාපනය පුහුණුවීම් ආයතන පිහිටුවා සිනමාවට කලාවට උදව් කරන්නේ. ඒ නිසාම අද ඉන්දියාව සිය ජාතික ආදායමෙන් 35% සිනමාව හරහා උපයා ගන්නවා. එහෙත් අපේ රටේ සිනමා විද්‍යාර්ථයින් බිහි කිරීම තබා ඔවුන් ඉතා අමාරුවෙන් නිර්මාණය කර ගන්නා නිර්මාණයන්ට හෝ දියයුතු උපහාරය කරනවාද?

බටහිර රටවල නිර්මාණකරුවා රැකගන්න නඟා සිටුවන්න අරමුදල් පවා පිහිටුවා තිබෙනවා. හැම ආණ්ඩුවක්ම බලයට පත්වූ විගස සිනමාව කලාව හා සංස්කෘතිය ගැන කතා කරනවා. ඉන් පසුව ඒවා යළිත් පැරණි හුදකලා ඉබි ගමනේමයි.”

වැඩිදුර කියවන්න »
කෙටි කතා
චම්මින්ද වෙලගෙදර

පුප්පං මිළායාති

මැදියම් රැය පසුවෙමින් තිබුණි. දඩයක්කාරයා හබරණ කැළෑව පසු කරමින් සිටියේය. අයියනායක අඩවියට ඔහු ඇතුළුවෙද්දී දැදුරු ඔය මත ගළා ගියේ පොර බදන දිය කඳක් වෙනුවට සඳ එළියට දිළිසෙමින් තිබුණු වැළි තලාවයි. ඈතින් හඬක් ඇසී ඒ දෙසට ඔහු සෙමින් සෙමින් ළං වෙද්දී දුටුවේ, වැළි ගොඩ දමමින් සිටින මිනිසුන් කීප දෙනෙකි. ඔහු මොහොතක් නැවතී කල්පනා කළේ මොවුන් මග හැර යනවාද නැතිනම් මොවුන්ට පෙනි පෙනී යන්නේද කියායි.

මොහොතක් නැවතී සිටි දඩයක්කාරයා සිය තුවක්කුව ගෙන ගොස් ගස් දෙබලක සිර කොට බැන්ඳේය. ඉන්පසු කොකාගේ මදු වැළක් ගැට ගසා එය වෙනත් පසෙකට ගත්තේය. ඔහු එක් වරම විසිල් හඬක් ඉතා වේගයෙන් මතු කළේය. ඔහු පඳුරු අතරින් බලා සිටියේය. කලබල වූ ඔවුන් වට පිට බලද්දී දඩයක්කාරයා වෙනත් පැත්තකට ගොස් තවත් විසිල් හඬක් නැඟුවේය. ඒ වර එළියට ආවේ හැඩිදැඩි පෙනුමක් ඇති එකෙකි. ඔහුගේ අතේ මෙන්ම බෙල්ල වටේ එතී ගිය මාලයද හඳ එළියෙන් දිළිසෙමින් තිබුණේය. අවසන් වරට විසිල් හඬ ඔවුන්ට ඇසුණේ ඉතා නුදුරෙනි. මොහොතකින් කැළයෙන් ඇසුණු වෙඩි හඬත් සමගම හදිසියේම පණ ගැන්වුණු වාහනයක් සහ ට්‍රක් රථයක් ඵළි නොදල්වා පෙරට ඇදී ගියේ වාහනය ගැන කිසිදු ආසාවකින් තොරව බව ඔහු බලා සිටියේය.

වැඩිදුර කියවන්න »
විශේෂාංග
චම්මින්ද වෙලගෙදර

යටලමත්තේ ප්‍රාඥයා

රටක විප්ලවයක් කිරීමට ප්‍රථම ඒ රටේ චින්තන විප්ලවයක් විය යුතුයි. එහිදී අප හඳුනාගත යුත්තේ එය කුමන ආකාර ගත යුතුද කියා. අනගාරික ධර්මපාලතුමා මුලදී උත්සාහ කළේ චින්තන විප්ලවයකට යාමයි. ඔහු හැදුවේ ජනතාවට අමතක වුණු සභ්‍යත්වය මතක් කර දීමයි. එය හොඳයි. නමුත් වැරදුණු තැනත් ඒකයි. අපේ වාමාංශික දේශපාලකයන් කළේත් මේකයි. ඔවුන්ට තිබුණේ අනගාරික ධර්මපාලතුමා නවත්තපු තැන පටන් ගැනීමයි. එහෙත් එය සිදු වූයේ නෑ. සමහරවිට අනගාරික ධර්මපාලතුමන් විඤ්ඤාණවාදියකු වීම නිසා විය හැකියි. එහෙත් ඔහු ජාතික වශයෙන් කළ දේශීය පිබිදවීම ඉතා කාලෝචිත ව්‍යායාමයක්.

වැඩිදුර කියවන්න »
Dr-Rantga-Wickramasinghe-Alochana
ඉතිහාසය
චම්මින්ද වෙලගෙදර

ගම්පෙරළිය ගම් පෙරළිය මයි – වෛද්‍ය රංග වික්‍රමසිංහ

(ඡායාරූපය – හේමන්ත අරුණසිරි) වසර ගණනාවක් පුරාම කර නොරැඳුණු, කණට නොදැනුණු වෙද නලාව දෙස රංග වික්‍රමසිංහයන් මොහොතක් බලා සිටියේය. සිහිනයක් කර නොගත්තද සිය පියා තමන්

වැඩිදුර කියවන්න »
විචාර
චම්මින්ද වෙලගෙදර

ආනන්ද භවන් එකේ තෝසෙ ගිළින දුටුගැමුණු ලා සමග හුළං ගහන එළාර ලා

යුද්ධය ඇතිවුණු හැම මිනිස් සමාජයකම ඊළඟට අලෙවි වන්නේ සාමයයි. බොහෝවිට එය යුද්ධයට වඩා අලෙවි වෙයි. හේතුව, යුද්ධ ඇති වන්නේ සියලු යුද කාරක භාණ්ඩ අලෙවි වීමෙන්

වැඩිදුර කියවන්න »
විශේෂාංග
චම්මින්ද වෙලගෙදර

“අද විශ්ව විද්‍යාලවලවත් ව්‍යාකරණ හරියට දන්නා කෙනෙක් ඉන්නවා ද?” සම්මානිත මහැදුරු ජේ. බී. දිසානායක

එතුමන් ගැන –  සුන්දර වූ අහඹු කෙළෙහිගුණ දැක්වීමක ඵලයක් ලෙසින් හෙතෙම සත්කෝරළයේ දී උපත ලබන්නේ 1937 අප්‍රේල් 16 වනදාය. ඒ වසන්ත සමයයි. ලංකාවේ වසන්තය ගහකොළ

වැඩිදුර කියවන්න »
Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest
Ad
වර්ගීකරණය
කර්තෘ
සංරක්‍ෂිත