රෝද පුටුවෙන් විශ්වයට ගිය අපේ කාලයේ විස්මිත මිනිසා – ස්ටීවන් හෝකිං

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

මේ දැනට අපේ රටේ පොත් වෙළඳ පොළට සැපත් වෙලා ඉන්න එක්තරා පොතක් ගැන පොඩි ආරංචියක්. ඒ වගේමයි මේක කෙනෙකුගේ චරිත කතාවක් විතරක් නම් නෙවෙයි. චරිතයක් එක්ක යන දිග ගමනක්. අපේ ජීවිත වලට සමීප කට්ටිය මොන තරම් නම් අපිත් එක්ක ඉන්නවද? අපෙන් ඔවුන්ටත්, ඔවුන්ගෙන් අපිටත් මොනතරම් දේවල් අපි අතරම හුවමාරු වෙනවද? ඒ දේවල් ඵලදායි ගනුදෙනුද? ඇත්තෙන්ම මේකට ප්‍රස්තුතවුණු සුවිශේෂී පුද්ගලයාගේ විශ්වභාෂිත හැඳුනුම්පත මොන විදිහේ එකක්ද? ප්‍රශ්න ගොඩයි. ඒත් නිතරම එයා අපි ආසන්නයෙන්ම ඉඳලා තියෙනවා. 

අපි දන්න අපේ රටේ බොහොමයක් වීරයෝ, වීරයන් බවට පත්වෙලා තියෙන්නෙ ඒ අයගේ මරණයෙන් පස්සෙ. මේ මාතෘකාවට ප්‍රස්තුතවුණු “ස්ටීවන් හෝකිං” ජීවත්වුණු කාලයේත්, ජීවිතයට සමුදුන්නයින් පස්සෙත් “අදහන්ට වටින මිනිහෙක්’ කියල කටපුරා කියන්ට පුලුවන් විදිහට ජීවත්වුන අසම සම මිනිසෙක්.

ඇත්තෙන්ම ඔහු විද්‍යාඥයෙක්. එසේ මෙසේ විද්‍යාඥයෙක් නෙවෙයි, අයිසෙක් නිව්ටන් – ඇල්බට් අයින්ස්ටයින් වැන්නන්ට සමාන කරන්න පුළුවන් මට්ටමේ මහා විද්‍යාඥයෙක්. ඒ වගේමයි ඔහු විද්‍යා ලේඛකයෙක්. ඔහු ලිව්ව “ කාලය පිලිබඳ සංක්ෂිප්ත ඉතිහාසය “ කියන පොත ලෝකයේ වැඩියෙන්ම විකිනුණු ජනප්‍රිය විද්‍යා පොත් අතර මුල් තැනක තියෙන කෘතියක්. ඔහුට වයස අවුරුදු 21 වෙනකොට ඔහු මාරක රෝගයකට ගොදුරුවුණා. ඒ රෝග තත්වය උත්සන්නවීමෙන් ඔහුගේ බොහොමයක් අවයව අප්‍රාණික වෙලා ඔහු රෝද පුටුවකට කොටුවුනා. මේ රෝගය හින්දා හුස්ම හිරවෙලා මැරෙන්න ගියාම එයාගේ උගුරුදණ්ඩ කපලා ශල්‍යකර්මයක් කරලා ජීවිතය ගොඩ අරන් දෙන්න වෛද්‍යවරුන්ට හැකිවුනා. ඉන්පස්සේ හෝකිංට ඔහුගේ කටහඬ අහිමිවුණා විතරක් නෙවෙයි, කතාකිරීමේ හැකියාවත් නැත්තටම නැතිවුණා. ඊට පස්සේ හෝකිං කතා බහ කළේ ඉලෙක්ට්‍රොනික සංස්ලේෂඛයක ආධාරයෙන්.

ස්ටීවන් හෝකිං බිලිවුන මාරක රෝගයට ගොදුරු වුන කෙනෙක් ජීවත්වෙන්නෙ අවුරුදු දෙකකට අඩු කාලයක් කියලා වෛද්‍යවරු අවධාරණයෙන්ම කිව්වා. නමුත් ඔහු මේ රෝගයත් එක්ක අවුරුදු 54ක්ම ජීවත්වුණා. උගුරුදණ්ඩ කපා, කතාකිරීමේ හැකියාව සදහටම නැතිවුනත් කෘත්‍රිම මෙවලමක ආධාරයෙන් ඔහු හොඳින් ලෝකය එක්ක ගනුදෙනු කළා. මරුවා දොරට තට්ටු කරද්දීත් “පොඩ්ඩක් ඉන්න මට තව වැඩ කරන්න තියෙනවා” කියමින් ඔහු බොහෝ වැඩ කළා. පොත පත ලිව්වා. විශ්වය ගැන නොවු වීරූ මති මතාන්තර පල කළා. රෝද පුටුවට කොටුවී සිටියත් ලොව පුරාම සැරි සැරූ ඔහු සීතලෙන් සීත වුණු අන්ටාටිකාවට පවා ගියා. 

එසේ වු ස්ටීවන් හෝකිංට අපේ කාලයේ විශ්වකර්ම මිනිසා කියල අපි කියන්නේ නිකමට නම් නෙවෙයි. ඒ ඔහු හඳුනාගන්න වටින අසමසම මිනිසෙක් නිසයි. 

දැන් මේ ස්ටීවන් හෝකිංගේ ජීවිත කතාව කියවන්න ඔබ කැමැත්තෙන් ඇති. මේක දැන් අපේ පොත් වෙළඳපොළේ තියෙනවා. මේ කෘතියට Paul Parsons & Eail Dixun රචිත “3 – Minute Stephen Hawking” පොතෙන් බොහෝ දේවල් උපුටා ගත්තත්, ඒකෙ අංග සම්පුර්ණ පරිවර්තනයක් නම් නෙවෙයි. ඒ පොතෙනුත් තවත් බොහෝ පොත්පත් ආශ්‍රයෙනුත් සකස් කරපු ස්ටීවන් හෝකිංගේ ජීවිත කතාව පිලිබඳ සංක්ෂිප්තයක්.

මේ පොත පරිවර්තනය කරලා අපේ සිංහල පාඨකයාට දායාද කරපු සමරසිංහ ගුණසේකර මහත්තය මේ ගැන මෙහෙම් කියනවා.

 “මේ පොත ලියා නිම කරද්දී මේ විශිෂ්ට මිනිසා මිය ගියා. මාරක රෝගයකට ගොදුරුවී 76 වියත් සම්පුර්ණ කොට ඔහු මියගිය අවස්ථාවේ ඔහු උපන් රටේ ජනයා පමණක් නොව මුළු මහත් ලෝකයම කම්පාවට පත්වුණා. ඒ මිනිසුන් අතරින් අසම සම ගණයේ මිනිසෙකු මිනිස් වර්ගයාට අහිමිවීම නිසයි. අපි මේ කෘතිය ඔබට පිරිනමමින් අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ විශිෂ්ට මානවයාට අපේ ගෞරවය පුද කරන්නෙමු.”

Share on facebook
Share on whatsapp
Share on twitter
Share on linkedin
Share on pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Ad
වර්ගීකරණය
සංරක්‍ෂිත